ලස්සනවීම
හැමදෙනෙක්ගෙම සීමා සහිත නොවූ රහසක්.බොහෝ දෙනෙක් ඉතා කෙටි කාලයකින් ලස්සන වීමට වැඩි මුදලක් වියදම් කරමින් බොහෝ ආලේපන වර්ග මිළදී ගැනීමට පුරුදු වී සිටිනවා.සමහරවිට ඔබත් එසේ කෙනෙකු විය හැක. එය වරදක් කියා අප කියන්නේ නැත. නමුත් ඔබ දන්නවාද දැන් ඔබට තම නිවසේදීම ලස්සන පැහැපත් සමක් ලබාගැනීමට හැකියාවක් ඇතිබව ? ඔව්, ඔබට එය තනිවම සකස් කරගැනීමට පුළුවන්. ඔබට කළ යුතුව තිබෙන්නේ ඉතා සුළු දේවල් කීපයක් පමණි.
මේ සඳහා ඔබට අවශය වන්නේ, කුඩුවට බ්ලෙන්ඩර් කරගත් හාල් , සුදු සීනි , වෙනිවැල්ගැට කුඩු , සුදුහඳුන් කුඩු , මීකිරි සමග මිශ්‍රකර සතියකට දෙවරක් ආලේප කිරීමෙන් ඔබට පැහැපත් සහ දීප්තිමත් සමක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. මෙය සම්පූර්ණ ස්වභාවික
ශාකසාරයන්ගෙන් සමන්විත බැවින් බියවීමට කිසිදු අවශයතාවයක් නොමැති අතර වෙළදපලෙහි ඇති ආලේපන මෙන් දිනපතාම ආලේප කිරීමක්ද සිදු කිරීමට අවශයතාවයක් නොමැත.
වෙළඳපලෙහි ඇති නොයෙකුත් රසායනික ආලේපනයන් ඉතා ඉහල මිළකට මිළදීගෙන ඔබේ සම විකෘති කරගන්නෙ ඇයි ? ඔබත් අදම මෙවැනි වටිනා දේශීය ශාකසාරයන්ගෙන් පරිපූර්ණවූ ස්වභාවික ආලේපනයන් ගැල්වීමෙන් කිසිඳු අතුරු ආබාධයන්ගෙන් තොරව ඔබ බලාපොරොත්තු වන්නාවූ සුන්දර පෙනුමක් අත්විඳින්න දැන්ම මෙකී මිශ්‍රණය පිළියෙල කරගන්න. එය ඉතා ලේසියෙන්ම ඔබට කරගත හැක.













0 comments