Friday, June 26, 2015

අවපැහැවූ ඔබේ සිරුර යලි පැහැපත් කරගැනීමට ඔබත් කැමතිද ? How To Get Rid Of Dark Skin

ඔබගේ බෙල්ල සහ අත්යට කලු පැහැයෙන් යුක්තද ?  එයින් මිදී පැහැපත් ලෙස ඔබගේ සිරුර තබාගැනීමට කැමතිද ? මෙන්න එයට විසඳුම අපෙන් ඔබට නොමිළයේම ලබාදීමට අපි සූදානම්. ඔබ දන්නවද මෙම තත්වය බොහෝ විට සිදුවීමට බලපාන හේතුව ? එය ඇසුවොත් ඔබ් පුදුම වේවි. එය ඔබ මීට කළින් අසා තිබුනත් මෙවැනි තත්වයක් ඇති කරන්නට සමත් වෙයි කියා ඔබ කවදාවත් සිතන්නට නැතුව ඇති.කෙසේ නමුත් මෙම අවපැහැගැන්වීම් වලට හේතුව නම් " දහඩිය සමග සෙම නරක් වීමයි "

මෙම තත්වය බොහෝ දෙනෙකු පීඩාවට පත් කරන අතර එයින් මිදීමට උත්සහ දැරුවත් එය බොහෝ දෙනෙකුට නිශ්ඵල දෙයක් වන්නේ තම එදිනෙදා ජීවිතයේ ඇති කාර්යබහුල ජීවිතයත් සමග තම ශරීරයේ ඕනෑඑපාකම් සෙවීමටවත් සුළුවෙලාවක්වත් ඔබට නොමැතිකම නිසා වන්නට පුළුවන්. නමුත් දැන් බිය වීමට අවශය නැහැ. එයට විසඳුමනම්, එම අවපැහැ ගැන්වී ඇති ස්ථාන පරිස්සමෙන් ඉතා හොඳින්
හුමාලයට අල්ලා ඉන්පසු වෙනිවැල්ගැට, සුදුහඳුන් එකට අඹරා රාත්‍රි නින්දට යෑමට පෙර ආලේප කරන්න.

ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමටනම් මේ සමඟ කසායක් සහ විරේකයක් ගත යුතුවන අතර ඒවා සියල්ල ඔබට නිවසේම සාදාගත හැක.ඉතින් ඇයි තවත් ප්‍රමාද වන්නේ.අදම මේ පියවරයන් අනුගමනය කර ඔබගේ නැති වූ හෝ කෙදිනක හෝ ලබාගැනීමට ආශාවෙන් සිටි
සුන්දර පෙනුම ලබාගැනීමට සූදානම් වන්න.


කසාය සදා ගැනීම -

කොත්තමල්ලි , බෙලි කටු , වියළි මිදි , පත්පාඩගම් හොඳින් තම්බා මීපැනි ස්වල්පයක් මිශ්‍ර කර දවසට දෙවතාවක් බැගින් දවස් පහක් නොකඩවා පානය කරන්න.


විරේකය සදා ගැනීම -

වැල්මී සමග අරළු සමාන ප්රමාණයෙන් ගෙන සීනි සහ ලුනු මිශ්‍රකර පානය කරන්න.

Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© Daily News And Gossips
Designed by BlogThietKe Cooperated with Duy Pham
Released under Creative Commons 3.0 CC BY-NC 3.0
Posts RSSComments RSS
Back to top