Friday, June 26, 2015

ඉතා හොඳින් දන්නා රම්පෙ ගැන ඔබ මෙතෙක් නොදත් කාරණා රැසක්...ඇසුවොත් ඔබ පුදුම වෙයි. Ayurveda Plants

රම්පෙ අපේ රටේ ඉතා ඉහළ ජනප්‍රියතාවක් හිමි වී තිබෙන ශාකයක් බව අහාර පිසින නොපිසන සියළුදෙනා අතර නොරහසකිඅහාර පිසීමේදී එම ආහාර සුවඳවත් කිරීමට සහ රසවත් කිරීමට රසකාරකයක් ලෙසද යොදාගන්නා රම්පෙ අප රටේ අහාර පිසීමේදී නැතිවම බැරි ද්‍රවයයකි. මෙහි ශාක පත්‍ර වර්ග දෙකක් දක්නට ලැබෙන අතර එක් වර්ගයක් ලොකු කොල වලින්ද අනිත් වර්ගය සිහින් නොහොත් කුඩා කොල වලින් සමන්විත වේ.

මෙම වර්ග දෙකම එකසේ ප්‍රයෝජනයට ගත හැකි වුවත් ආහාර පරිභෝජනයේදී මැද නාරටිය ඉවත් කරගත යුතුයි. එයට හේතුවනම්, එම මැද නාරටියේ අප ශරීරයේ ඇති සෙයිල වලට විශ එකතුකරන රසායනිකයක් තිබීමයි. කෙසේ වුවත් එම නාරටිය ඉවත්කර අහාර වලට රම්පෙ එකතු කිරීම බොහෝ ගෘහණියන් විසින් මගඅරින ලද කාරණයක් වුවත් මෙය කියවූ පසු එය සිදු නොවේ යැයි අප විශ්වාස කරමු.

දකුණු පළාතේ ඇඹුල්තියල් සාදාගැනීමට රම්පෙ බහුලව භාවිතා කරන අතර ආහාර දිරවීමට, ආහාර පෝශණය වීමට සහ ගැස්ට්‍රයිටිස් වලින් සුවවීමටත් රම්පෙ සතුව බොහෝ ගුණ පවතී. මීට අමතරව රම්පෙ සර්ප විශට පවා මර්දකයක් ලෙස යොදාගැනීමට හැකිබව ඔබ දන්නවද ? කුණකටුවෙක් වැනි සර්පයෙක් දශ්ඨකළ විට රම්පෙ, හීනරත සමග තැම්බූ වතුර කෝප්ප 10ක් පමණ බීමෙන් සර්ප විශ මර්දනය කරගත හැක. බොහෝ කාලයක සිට රම්පෙ මෙරට බහුලවම ජනප්‍රියවීමට හේතුව නම් මෙකී සියළු ගුණ රම්පෙ සතුවීමයි.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© Daily News And Gossips
Designed by BlogThietKe Cooperated with Duy Pham
Released under Creative Commons 3.0 CC BY-NC 3.0
Posts RSSComments RSS
Back to top