Friday, June 26, 2015

ඔබෙත් හිසකෙස් අකළට ගැළවී යනවද ? මෙන්න විසඳුම


අකළට හිසකෙස් පැසීම සහ ගැළවීම බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති ගැටළුවකි. මෙම තත්වය ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපාන හේතු කීපයක් ඇත. සමහරවිට ඔබ එය දන්නවා වුවත් නොදන්න අයට දැනුවත්වීම උදෙසා අපි මෙම කරුණු සඳහන් කිරීමට කැමැත්තෙන් සිටිමු. මෙම තත්වය ඇතිවීමට බෙහෙවින් බලපාන්නේ පීනස , මානසික ආතතිය , කෘතීම ආලේපන භාවිතා කිරීම සහ නිසි පෝශණයක්
නොලැබීමයි. මෙයින් මිදීමටනම් මෙම පියවරයන් අනුගමනය කරන්න.


ආයුර්වේද තෙල් දිනපතා හිස ගල්වමින් අරළු , බුළු , නෙල්ලි යන දෑ කුඩුකරගෙන දෙහි ඇඹුලෙන් අබරාගන්න. ඉන්පසු සතියක් පමණ හොදින් ඉර පායා ඇති දහවල් කාලයේ නෑමට පෙර හිසේ ගල්වා හොදින් සම්බාහනය කරන්න. මෙසේ විනාඩි දහයක් පමණ ඉතා හොඳින් ඇඟිළි තුඩුවලින් ආයුර්වේද තෙල් සමඟ සම්බාහනය කරන්න.



මෙසේ හිස්කබල සම්බාහනය කිරීම රුධිර නාළවලට හොඳින් ලේ ගමන්කිරීමට උපකාරී වේ. එමනිසා ඇතිවන සුවයෙන් හිස්කබල සම්පූර්ණයෙන්ම පෝශණය වී මානසික ආතතියෙන් මිදීමටද උපකාරී වේ. ඉන්පසු ඔබට එම සුවය නිසා නිල්වන් දිගු කෙස් කළඹකට උරුමකම් කීමටද හැකිවන අතර හිසකෙස් ශක්තිමත් වීමක්ද සිදු වේ.
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

0 comments

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© Daily News And Gossips
Designed by BlogThietKe Cooperated with Duy Pham
Released under Creative Commons 3.0 CC BY-NC 3.0
Posts RSSComments RSS
Back to top